Latest News

TomorrowLand

TomorrowLand - භූමියේ හෙට දවස






මේ ෆිල්ම් එක IMDB එකේ 6.7ක අගයක් අරගෙන තියෙනවා . මේ ෆිල්ම් එකේ ප්රනධාන චරිත වන්නේ Britt Robertson – (කේසි), George – (ෆ්රෑ(න්ක්), Clooney – (ඇතීන), Raffey Cassidy. දැන් කථාව ගැන යමක් ඉදිරිපත් කරනවා. පෘථිවියේ අනාගතය මොන වගේ දියුණු ලෝකයක්ද , පෘථිවියේ ඉන්න බුද්ධිමත් දක්ෂ මිනිස්සු එකතු වෙලා දේශපාලනය, තණ්හාව වගේ දේවල් නැතුව වෙනම ලෝකයක් එයාලට ගොඩනගා ගත්තොත් ඒක මොන තරම් සුන්දර වෙන්න පුලුවන්ද. ෆ්රෑලන්ක් පොඩි කාලෙ මොකක් හරි ක්රදමයකට මේ ලෝකෙට යනවා. ඊට අවුරුදු ගානකට පස්සෙ කේසිට පින් එකක් හම්බෙනව. හරියට පොඩි බැජ් එකක් වගේ. එයා ඒක අල්ලපු ගමන් ඒ අමුතු ලෝකයටම යනවා. හැබැයි ආයෙත් අත අරිය ගමන් හිටපු ලෝකෙටම එනවා. එත් ඒ පින් එක ටික වෙලාවකින් වැඩ නැතුව යනවා. ඉතින් එයා වෙන එකක් හොයාගෙන යනවා. මෙහෙම යද්දී එයාට ඇතීන සහ ෆ්රෑ්න්ක් හම්බෙනව. ඇතීන කොහොමත් ඒ ලෝකෙ ඉන්න කෙනෙක්. ෆ්රෑ න්ක් ව බලෙන්ම කැමති කරගෙන මේ තුන්දෙනාම අර කිව්ව අමුතු ලෝකෙට යනව. හැබැයි. එහෙම යද්දී කේසි මුලින් පින් එක අල්ලපුවම දැක්ක ලෝකෙම වුණාට ඒක විනාශ භාවයට ගිහිං. අනිත් එක තමයි. මෙතන යම් දෙයක් සිද්ධ වෙනව. ඒක විසදන්න තමයි මෙයාල එහෙට යන්නෙ. දැන් ප්රපශ්න ටික කියන්නම්. මෙච්චර මිනිස්සු ඉද්දි ෆ්රෑ න්ක්, කේසි විතරක් ඒ ලෝකෙට එක්කන් යන්නේ ඇයි? ඒ කියන්නේ එයාලගෙ විශේෂත්වය මොකක්ද? කේසි මුලින් දැක්ක ලෝකෙ එහෙට දෙවැනි වතාවේ යද්දී වෙනස් වුණේ මොකද? මෙයාල මොකක් විසදන්නද එහෙ යන්නෙ? කේසි එහෙට යනකම්ම එයා දන්නෙත් නෑ ඇයි එහෙට යන්නෙ කියල. අන්තිමට මෙයාල මේක විසඳන විදිහත් මෙහි ඇතුලත්.

මෙය ඉමල්ක ලක්ෂාන්(ලකියා) සමීර ඉදුනිල් (ඩොකා) විසින් ඉදිරිපත් කල උපසිරසකි. උපසිරස පිලිබද සියලුම අයිතීන් ඔවුන් සතුවේ.

No comments:

Post a Comment

Subz LK Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.