Latest News

Jupiter Ascending (2015) බ්‍රහස්පතිගේ පිබිදීම


මේ මම SubzLKTM වෙනුවෙන් කරන සාර්ථක තුන් වෙනි උපසිරැසි ගැන්වීම  වෙනවා. මෙම Jupiter Ascending  චිත්‍රපටය මෙම වසරේ (2015) නිකුත් උණු ඉතා සාර්ථක සුපිරි ගනයේ , නවීන තාක්ෂණය ඉතා ඉහලින් යොදාගෙන කර ඇති නිර්මාණයක් බව එය නරබන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි වෙනවා.එම නිසා මේක මෑත කාලයේ ආපු පට්ටම චිත්‍රපටියක් කියලා කටක් ඇරලා බය නැතුව කියන්න පුළුවන්...
grin emoticon
 
මෙම
චිත්‍රපටය IMDb හි 5.5  තරම් අගයක් ගන්නට දැනට සමත්. මෙම චිත්‍රපට Action / Adventure / Sci-Fi (විද්‍යා ප්‍රබන්ද) ගණයට අයත් වෙන චිත්‍රපටයක්.
මෙහි අධ්‍යක්ෂණය සහ පිටපත
Andy Wachowski සහ Lana Wachowski යන දෙදෙනාගේ. මෙහි Channing Tatum , Mila Kunis , Eddie Redmayne , යන සුපිරි තාරකාවන් රංගනයෙන් දායක වෙනවා.මන් කතාව ගැන ගොඩාක් දේවල් කියන්න යන්නේ නැහැ. මොකද එතකොට එකේ කුතුහලය අඩු වෙන නිසා. :D මුලින්ම කියන්න ඕනේ , මෙම චිත්‍රපටය මිනිත්ති 127ක් පුරා දිවෙනවා. මේ කතාවේ එන Jupiter තමයි මෙහි ප්‍රදාන චරිතය වෙන්නේ. මන් උපසිරසි ගැන්වීම පුරාම Jupiter යන තැනට බ්‍රහස්පති යොදාගෙන තිබුනත් එය නමක් බව කිව යුතුයි. මේ කතා ව විද්‍යා ප්‍රබන්ද කතාවක් එක ඔයාල දැනටමත් දන්නවනේ. හරි දැන් කතාව ගැනයමක් , මේ ජුපිටර් කියන කෙල්ල පෘතුවියේ හිටියත් මේ ඇත්තටම ප්රුතුවියටම අයිති කෙනෙක්ද? ඇයගේ ඇත්තම නෑදෑයන් කවුරුන්ද? ඇයි පිටස්තර ලෝක වලින් මැයව හොයාගෙන පැමිණෙන්නේ? එතකොට කෙන් නමැති පිටසක්වලයා මැයව ආරක්ෂා කරන්නේ ඇයි? ඇය ඇත්තටම ඔහුගේ කව්ද?මේ සෑම ප්‍රශ්නයකට තියෙන්නේ එකම පිළිතුරයි, මේ චිත්‍රපටය නරබන්න. එවිට ඒ සෑම  ප්‍රශ්නයකටම පිළිතුරු ඔබටම ලැබේවි.
හරි මන් දැනට නවතිනවා. ඒ මේ වගේම සුපිරි චිත්‍රපටයක උපසිරැසි ගෙන ඒමේ බලාපොරොත්තුවෙනුයි. එතෙක් ඔබට ජය!!!



                                       සිංහල උපසිරසි බාගන්න 
         
     මෙය සමීර ඉදුනිල් (ඩොකා) කල උපසිරසියක් වන අතර මෙහි සියලුම අයිතීන් ඔහු සතු වේ        
     
       

4 comments:

  1. නියම වැඩක් සහෝ...
    ඉක්මනටම තව උපසිරසියක් දෙනකන් අපි මගබලාගෙන ඉන්නවා...

    ReplyDelete
  2. අනිවාර්යෙන්ම. දෙනවා.

    ReplyDelete
  3. එසේම වේවා. !!!

    ReplyDelete

Subz LK Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.