Latest News

Lost Season 1 Episode 1 ආරම්භය




මට මේක ගැන කියන විදිහ හිතාගන්න බැ.මේක මගේ පලවෙනි උපසිරැසිය.මිට කලින් උපසිරසි කරලා තිබුනත් ඒවා කරේ කණ්ඩායමක් විදිහට.ඉතින් මේක තමා මම තනියම කරන පළමු උපසිරැසිය.හැබැයි මේ පලවෙනි කොටස් පහට විතරයි මම උපසිරසි දෙන්නේ.ඉතුරු කොටස් ටික අපේ සමීර සහෝදරයා දෙනවා කියලා මට පොරොන්දු උනා.මේ දේ නම් ඔයාලට අනිවාර්යෙන්ම කියන්න ඕනේ.මම උපසිරසි දෙකක් නිකුත් කරලා තියෙනවා.එකක් මම දීලා තියෙන පිටපතට ගැලපෙන උපසිරසිය හා මේ සීරියස් එක පිටවෙනවාත් සමගම නිකුත් උන අනිත් පිටපත් වලට.ඔයාලා දැන් හිතනවා ඇති වෙනත් පිටපතක් නොදී උපසිරසියක් දීලා තියෙන්නේ ඇයි කියලා.ඒකට හේතුව තමා මගෙන් මේ සීරියස් එකට ගොඩක් අය උපසිරසි ඉල්ලුව.ගොඩක් අය කියුවේ එයාලා ගාව තියෙන්නේ HD TV LOL පිටපත් නිසා ඒවටත් ගැලපෙන්න උපසිරසි නිකුත් කරන්න කියලා.ඉතින් මම අපේ ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා ඒ පිටපත් වලටත් ගැලපෙන්න උපසිරසි නිකුත්කරා...

දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.කතාවේ නමේ අර්ථයෙන් ගත්තොත් නැති වීම.මේ සීරියස් එකේ පලවෙනි සීසන් එකට IMDB 8.5 තරම් අගයක් වාර්තා වෙලා තියෙනවා.ඒකෙන්ම පේනවනේ කොච්චර පට්ටද කියලා.මේක මුල්ම වරට ABC ( American Broadcasting Company) නාලිකාවේ තමා තිරගත වෙලා තියෙන්නේ.මේකේ ප්‍රදාන නළු නිලියන් ලෙස Hugo "Hurley" Reyes (Jorge Garcia), Kate Austen (Evangeline Lilly), Jack Shephard (Matthew Fox) හා Boone Carlyle (ian somerhalder) යන අය ප්‍රදාන චරිත විදිහට දකින්න පුළුවන්.මේ සීරියස් එකේ සීසන් 6 ක් ඇති අතර මේ සීසන් එකට අදාලව කොටස් 25 ක් ඇත.

මේ කතාව පටන්ගන්නේ මගින් පිරිසක් යන ගුවන් යානයක් අනතුරකට ලක් වෙලා දුපතකට වැටෙනවා.එකෙන් හැබැයි බේරෙන්නේ ටික දෙනයි.මේ අය කරුණාවන්ත හොද අය වගේම නපුරු අයත් ටික දෙනෙක් ඉන්නවා.මෙයාලා මෙහෙම දුපතේ ඉන්නකොට එක එක සද්ද එන්නේ ගන්නවා.ඒ වගේම අමුතු දේවල් වෙන්න ගන්නවා...ඉතින් මෙයාල මෙහෙම බයානක දුපතක ජීවත්වෙන්නේ කොහොමද?මේ එන අමුතු සද්ද වගේම වෙන අමුතු සිද්දි මොනාද කියලා දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා.මට එක දෙයක්නම් පැහැදිලිවම කියන්න පුළුවන්.මේක ත්‍රාසය හා කුතුහලය ඇති කරන සුපිරි ගනයේ ඔයාලගේ වචනයෙන් කියනවනම් පට්ටම පට්ට සීරියස් එකක්.ඉතින් ඔයාලා මේක බලලා මේක ගැන අදහසක් පහලින් දාලා යන්න...අනිත් කොටසත් ඉක්මනින් ලබාදෙන බලාපොරොත්තුව සමගින් මම නවතිනවා...ඔබට ජය...
 *****Hail Lost*****



                             119MB (3GB) පිටපත මෙතනින් බාගන්න    

                                    සිංහල උපසිරසි බාගන්න      

     මෙය කව්ෂ මෙත්රුවන් කල උපසිරසියක් වන අතර මෙහි සියලුම අයිතීන් ඔහු සතු වේ       
                      

6 comments:

  1. ela. all the best. bro. digatama karagena yamu... ELa

    ReplyDelete
  2. Ela bn.digatama karamu.........

    ReplyDelete
  3. අනිවාරෙන්ම දිගටම කරනවා...

    ReplyDelete
  4. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා...

    මම ලොස්ට් සීරියස් එකට දිගටම කරනවා කියලා පොරොන්දු උනත් ගොඩක් අය මේ වැඩේට විරුද්ද නිසා මේ වැඩේ මට දිගටම කරන්න වෙන්නේ නැ....

    මේ ගැන බලාපොරොත්තු තියාගත්ත හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා...

    ReplyDelete

Subz LK Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.