Latest News

Smallville- සුපර් මැන්ගේ යලි පිබිදීම


Smallville S01-E01




2001 දී CW චැනල් එක මගින් ප්‍රථම වරට විකාශය වු මේ ටෙලි කතාව IMDවල 7.5 වැනි ඉහල අගයක් ගනි.. Alfred Gough හා Miles Millar මේ කතාවේ නිර්මාතෘවරුන් දෙපල වන අතර tom Welling(Clark Kent), Allison Mack(Chloe Sullivan), Kristin Kreuk(Lana Lang), Michael Rosenbaum(Lex Luthor), John Glover(Lionel Luthor), Erica Durance(Lois Lane), Annette O'Toole(Martha Kent), John Schneider(Jonathan Kent) යන අය මෙහි රඟපෑමට දායක්තවය ලබා දී ඇත..
ක්ලාක් කෙන්ට් කියන තරුණයා වටා කතාව ගලාගෙන යන්නේ .. ඔහු පිටසක්වල උල්කාවර්හාවක් එක්ක තමයි පොලවට පතිත වෙන්නේ.. මුලු ටෙලි කතා කොටස් ගණන පුරාම ක්ලාක් ලොකේ තමන්ට හිමි තැන හොයාගන්න විදිහ ගැන තමයි යන්නේ... ඔහුට පිටසක්වල බලයක් උපතින්ම ලැබිලා තියෙනවා.. ඒ ගැන දැනගන්න ඔහුට හුග කාලයක් යනවා.. ඒ ගැන දැනගත්තහම ඔහු ඒ බලය හොඳ දේවල්වලට පාවිච්චි කරනවා.. එක අකතට බැලුවොත් අනික් අයට වඩා මොහු වෙනස් පුද්ගලයෙක් සුපිරිවීරයෙක් කිවොත් මං වැරදි නැහැ.. සුපර් මැන්ගේ යලි පිබිදීම ලෙස මේ ටෙලි කතාව හඳුන්වන්න පුලුවන්....
හුඟක් අය මේ ටෙලි කතාවට උපසිරැසි එනකං බලාගෙන ඉන්නේ.. මටත් හිතුනා මේකට උපසිරැසි දැම්මොත් හොඳයි කියලා.. මං කලින් නම් කරලා නෑ... ඒත් උත්සහ කළා.. ටිකක් අඩුපාඩු ඇති.. ඒවට සමාව ඉල්ලනවා.. තව දෙයක් කියන්න ඕනි විශේෂයෙන් ම හුඟක් සයිට්වලින් මං මේ උපසිරැසි දෙන්න ඉල්ලුවා නමුත් ලැබුනේ නෑ.. පස්සේ subtitleslk.blogspot.com සයිට් එක මගේ ඉල්ලිම පිලිගත්තා.. ඒ ගැන එහි කාර්ය මඩුල්ලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.. .
 
වැඩිය දිගට ලිපිය ලියන්න ගියේ නෑ.. මාත් අද තමයි මේක බලන්න පටන් ගන්නේ.. හිතෙන විදියට පට්ට ටිවි සිරියස් එකක්.. අපහාස, උපහාස, දොෂ වගේම හොඳ නරක ගැනත් ඔබේ අදහස් අපිට කියන්න.. එතකොට ඒවා නිවැරදි කරගන්න පුලුවන්.. කාලයක් බලන් හිටියනේ ඔන්න ඔයාලා , දැන් මෙන්න වෙලාව.. ඉතින් සබ ඩවුන් කරන් බලන්න.. සුභ දවසක් හොඳේ....


Complete Season 01- 3.6GB

සිංහල උපසිරස මෙතනින් ගන්න

මෙය යොහාන් අනුරජිත්(ෂැගියා) විසින් ඉදිරිපත් කල උපසිරසකි. උපසිරස පිලිබද සියලුම අයිතීන් ඔහු සතුවේ.



දෙවනි කොටසේ උපසිරැසිය ලබන සතියේ බලාපොරොත්තුවන්න...

1 comment:

Subz LK Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.