Avengers Age of Ultron - 2015
![]() |
| Add caption |
Subz LK අපි ඔන්‍න අපේ පළමුවැනි උපසිරසත අරගෙන ආවා. පලවෙනි එකම ගින්දර එකක් වෙන්න ඕනේ නිසා අපි සුපිරිම ෆිල්ම් එකකින්ම වැඩේට බැස්සා. කවුරු කවුරුත් බලාගෙන හිටපු Avengers Age of Ultron ෆිල්ම් එක අරගෙන තමයි මේ අවේ.
මෙම වර්ෂයේ අප්‍රේල් 22 ලොව පුරා විකාශය ආරම්භ කල මෙම චිත්‍රපටය අතිශය ජනප්‍රියත්වයට පත් වුනා. මෙහි IMDb අගය 8ක් ලෙස වාර්තා වෙලා තිබෙනවා. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ආය. වචනයේ පරිසමාප්‍රයෙන්ම පට්ටයි.
2012 වර්ෂයේදී විකාශය වුනු The Avengers ෆිල්ම් එක හැමෝම බලලා ඇතිනේ මේ වෙනකොට. මේ එහි දෙවන කොටස. ඒ වගේම Captain America: the Winter Soldier එකෙත් සම්බන්ධයක් මේකට තියනවා. The Avengers ෆිල්ම් එකේ අන්තිමට නිවුන්නු දෙන්නෙක්ව පෙන්නුවා මතක ඇතිනේ. ඒ දෙන්න නිර්මාණය කරලා තියෙන්නේ ලෝකීගේ ආයුධයේ තියෙන තාක්ෂණයෙන්. ඔය ආයුදේ අපේ පිස්සු ඩයල් එක Iron man පරික්ෂාවකට ලක් කරන්න ගිහින් වැඩේ වරද්දා ගන්නවා. ඔන්න ඔතනින් තමයි ගේම පටන් ගන්නේ.
ඒ වගේම මේ ෆිල්ම් එකේදී විශේෂ දෙයක් බලා ගන්න පුළුවන්. ඒ තමයි Iron man ගේ හා Hulk ගෙ fight එක. ඒ වගේම අපට බ්රූස් ලී වත් මේකෙදි බලාගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න..බ්රූස් ලී??? ඔව් ඔව් බලන්නකෝ. ඒ වගේම තමයි The Avengers තුන්වෙනි කොටසත් 2018 දී අපට බලාගන්න පුළුවන් වේවි. එකට Guardians of the Galaxy ෆිල්ම් එකත් සම්බන්ධවෙන කතාවක් තමයි තියෙන්නේ.
වැඩි කතා ඕනේ නෑ. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න කට්ටියම.

හොය හොය හිටපු ෆිල්ම් එකක් බොහොම ස්තූතියි....ජුරාසික් පාක්,සැන්ඇන්ඩ්‍රියාස් ෆිල්ම් දෙකත් ඉක්මනට දීපල්ල..........
ReplyDeleteela yaluva api digatama oyath ekka :D
ReplyDeleteEla ela
ReplyDelete